27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛරස් රෝග පිළිබඳව අනතුරු ඇඟවීමක්

වෛරස් රෝග පිළිබඳව අනතුරු ඇඟවීමක්

පසුගිය දිනවල පැවති කාලගුණික විපර්යාස හේතුවෙන් වෛරස් රෝග පැතිරයාමේ අවදානමක් පවතින බවට වෛද්‍යවරුන් විසින් මහ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

උෂ්ණත්වයේ උච්චාවචනයන් සහ දේශගුණික විපර්යාස මීට හේතු විය හැකි බව ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ.

වෛරස් උණ නොමැති වුවද වෛරස් ආසාදන බහුලව දක්නට ලැබෙන බවත් වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හැරීම මාරාන්තික ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බවත් වෛද්‍යවරයා අවධාරණය කරනවා.

මේ හේතුවෙන් “පුද්ගලයින් උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් දියර ගැලීම, උණ සහ වේදනාව සමඟ උණ වැනි නිරන්තර රෝග ලක්ෂණවලින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය” බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිජීවක නොගන්නා ලෙසද වෛද්‍ය විජේවික්‍රම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.