23.4 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශිෂ්‍යත්ව විභාගයේදී ශාලාධිපති උත්තර ලියලා දීලා

ශිෂ්‍යත්ව විභාගයේදී ශාලාධිපති උත්තර ලියලා දීලා

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයකදී සහකාර ශාලාධිපතිවරයෙකු සිසුන්ගේ දෙවන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබේ.

මෙම සහකාර ශාලාධිපතිවරයා පසුගිය 15 වැනිදා පැවති ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටි සිසුවෙකුට ලබා දීම සඳහා උත්තර ලියමින් සිටියදී අනෙකුත් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇතැයි සඳහන් කරමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කලාප කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇතත් ඊයේ දිනය අවසන් වනතුරු එම වාර්තාව නොලැබුණු බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලැබුණු පසු විභාග දෙපාර්තමේන්තුවට යොමු කර ඉදිරි විමර්ශන කටයුතු කරන බව එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.