23.4 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයනුත්

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයනුත්

ඊශ්‍රායල ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් 150ක් පමණ ද හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සියලු දෙනාගේ විස්තර ලබාදෙන ලෙස ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හමාස් සංවිධානයෙන් ඉල්ලා ඇත.

මේ අතර ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ඒ අතර වන බව තහවුරු වී තිබෙනවා.

ඔවුන්ගේ තොරතුරු තිබේ නම් අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වන බව තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර නිවේදනය කළේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටින බවයි.

ගාසා තීරයේ වෙසෙන අනෙකුත් සිවිල් වැසියන් සමඟ මෙම කණ්ඩායම රෆා දේශසීමාව හරහා ඊජිප්තුවට යාමට සැලසුම් කළ බව ඔහු සඳහන් කළේය.