27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුර කුමාර - පලස්තීන තානාපති හමුවෙයි

අනුර කුමාර – පලස්තීන තානාපති හමුවෙයි

පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (18) පලස්තීන තානාපති කාර්යාලයේදී සිදුව තිබේ.

එහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්‍ය පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිළිබඳව අනුර කුමාර විසින් පලස්තීන තානාපතිවරයා වෙත කණගාටුව පළ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යුදමය ගැටලුවට ඉතා ඉක්මනින් සාධාරණ මැදිහත් වීමක් කළ යුතු බවත් එම සංවිධානයේ ස්ථාවරය වන ඊශ්‍රායලය හා පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගැනීම වහා ක්‍රියාත්මක විය යුතු බවත් එහිදී හෙතෙම අවධාරණය කර තිබේ.

එසේම නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් අප හඬ නඟා ඇති බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක පලස්තීනයේ ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතු බව ජාතික ජන බලවේගයේ ස්ථාවරය බව ප්‍රකාශ කර තිබේ.