29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅලුත්කඩේ නඩු බඩු කාමරය දෙවතාවක් හොරු බිඳලා

අලුත්කඩේ නඩු බඩු කාමරය දෙවතාවක් හොරු බිඳලා

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ නඩු බඩු කාමරය යම්කිසි පිරිසක් විසින් පෙරේදා (16) දිනයේදී කඩා බිඳ දමා තිබෙනවා.

ඉකුත් 5 වැනිදාද මෙම නඩු බඩු කාමරය රහසිගතව කඩා බිඳ දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේනමුත් මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

එම සිද්ධිය සිදුව දින 11කට පසු එම නඩු බඩු කාමරය නැවත බිඳ දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් එම නඩු බඩු කාමරය භාර රෙජිස්ට්‍රාර්වරිය පෙරේදා කෙසෙල්වත්ත පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

කෙසෙල්වත්ත පොලිසිය හා අපරාධ ස්ථානීය පරීක්ෂණ පොලිස් නිලධාරීන් ඊයේ (17) එම ස්ථානයට පැමිණ අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ඒ සඳහා පොලිස් සුනඛයන්ගේ සහයද ලබා ගෙන තිබිණි.

ඒ අනුව අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු එම නඩු බඩු කාමරයේ ඡායාරූප මෙන්ම එම කාමරය භාර නිලධාරීන්ගේ ඇඟිලි සලකුණු ද ලබා ගෙන තිබේ.

නඩු බඩු කාමරයේ තිබූ නඩු භාණ්ඩ අස්ථානගතව තිබේ ද එසේ අස්ථානගතව තිබේ නම් ඒ භාණ්ඩ මොනවා ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට එම නඩු බඩු කාමරය භාර නිලධාරීන් හා පොලිසිය එක්ව කටයුතු යොදා ඇත.