― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋපන්දින සැමරුමේදී යකා නැටූ තවත් 05ක් අත්අඩංගුවට

උපන්දින සැමරුමේදී යකා නැටූ තවත් 05ක් අත්අඩංගුවට

යාපනය මධ්‍යම බස් නැවතුම්පළේදී මහජනතාව බියට පත් කරමින් ‘කඩු කල්ලියේ’ නායකයෙකුගේ උපන් දිනය සැමරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ කඩු කල්ලියේ නායකයෙකුගේ උපන් දිනය නිමිත්තෙන් තරුණයින් 200ක් පමණ යතුරුපැදි මත නැගී යාපනය බස් නැවතුම්පලට පැමිණ කෑ කෝ ගසමින්, කේක් කපමින් උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.

ඔවුන් එය ටික් ටොක් වැනි සමාජ වෙබ් අඩවිවල බෙදාහැර ඇති බවයි පොලීසිය පවසන්නේ.

උපන්දිනය සැමරූ තරුණයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මාර්ගයේ සහ බස් නැවතුම්පළේ ගමන් ගන්නා ජනතාව තුළ භීතියක් ඇති වූ බවට යාපනය පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමක් හේතුවෙන් වහාම එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පැමිණ තිබේ.

පොලිස් කණ්ඩායම එම ස්ථානයට පැමිණෙනවාත් සමඟම සෙසු තරුණයින් යතුරු පැදිවල නැගී පලාගොස් ඇති අතර උපන් දිනය සමරමින් සිටි පිරිසේ නායකයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කොට ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් දෙදෙනා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මහ ජනතාවට හිරිහැර වන අන්දමට හා නීතිය සාමය කඩකරමින් බීමත්ව හැසිරීමේ චෝදනාව මත මෙම උත්සවය සංවිධානය කළ ප්‍රධාන පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.