28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඳපොළ - රාගල මාර්ගය වැසෙයි

කඳපොළ – රාගල මාර්ගය වැසෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳපොල නගරයේ සිට කොන්කෝඩියා වතුයාය හරහා රාගල දක්වා දිවෙන මාර්ගයේ ධාවන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දමා තිබේ.

පොලීසිය සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳපොල නගරයේ කොන්කෝඩියා වතු ප්‍රදේශය නායයාමකට ලක්වීම හේතුවෙන් මෙලෙස ධාවන කටයුතු නවතා දමා ඇති බවයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ විශාල කොටසක් නායයාමකට ලක්ව පවතින බවත්, එම මාර්ගය භාවිතා කරනු ලබන පිරිස් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර රියදුරන්ගෙන් හා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.