28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරුළපන වෙඩි තැබීමක්

කිරුළපන වෙඩි තැබීමක්

කිරුළපන ප්‍රදේශයේ කිරුළපන මාවත පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්‍යාලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු බවටයි කිරුළපන පොලිසිය පැවසුවේ. පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීම පිස්තෝල ගිනි අවියකින් සිදු කර ඇති බවටයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදු නොවී ඇති අතර, ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ වැටී තිබූ හිස් පතොරම් කොපු තුනක් සොයා ගෙන තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රධාන කාර්‍යාලයේ බිත්තිවලට හානි සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ. වෙඩිල්ල තබන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියා සිට ඇති නමුත් ඔහුට හානියක් සිදු නැහැ.

වෙඩි තැබීමට මුල් වූ හේතුවෙ මෙතෙක් අනාවරණය වී නැති අතර කිරුළපන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඊට සී.සී.ටී.වී දර්ශන ද උපයෝගී කරගෙන ඇති බවත් වාර්තා වනවා.