28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්තොටේදී රත්තරන් ගත් පොලීසියේ 02ක් අත්අඩංගුවට

ගුවන්තොටේදී රත්තරන් ගත් පොලීසියේ 02ක් අත්අඩංගුවට

ඩුබායි බලා යාමට පැමිණි ගුවන් මගියෙකුගෙන් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙකක් ලබා ගත් කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත සංචාරක පොලිස් කොට්ඨාසයේ සැරයන්වරු දෙදෙනෙකු ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් සැරයන්වරු දෙදෙනෙක්.

අද උදෑසන 11ට පමණ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඩුබායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී මෙම සැරයන්වරු දෙදෙනා විසින් ගුවන් මගියා සතුව තිබූ ග්‍රෑම් 634ක් පමණ බරැති මෙම රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙක ලබා ගෙන ඇතැයි සඳහන්.

මෙම සිදුවීමෙන් පසු ගුවන් මගියා සිය ගුවන් ගමන අතහැර කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වහාම ගුවන්තොටුපොළ වෙත ගොස් මෙම පොලිස් සැරයන්වරු දෙදෙනා සහ ඔවුන් ලබා ගත් රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙක අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.