30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති නියමයෙන් සී.ඩී. වික්‍රමරත්න යළි සේවයේ පිහිටුවයි

ජනපති නියමයෙන් සී.ඩී. වික්‍රමරත්න යළි සේවයේ පිහිටුවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊයේ දිනයේදී පැය 24ක් ඇතුළත පොලිස්පති ධුරයෙන් ඉවත් කළ වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නව යළිත් එම ධුරයෙහි පැයක් ඇතුළත පිහිටුවා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පිහිටුවීම සිදු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් යම් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇති ව තිබෙන පසුබිමකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පොලිස්පතිවරයාගේ සති තුනක සේවා දිගුව අවසන් වීම හේතුවෙන් ඉවත් කිරීම සිදු කර ඇත්තේ.

නමුත් මෙම ඉවත් කිරීම ජනාධිපතිවරයා හෝ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෝ රට තුළ මේ මොහොතේ නැති පසුබිමක සිදු කිරීම පිළිබඳ ව මේ වනවිට අවධානය යොමු ව තිබෙනවා.

මේ දිනවල චීනයේ සිව්දින නිල සංචාරයකට එක් ව සිටින ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඒකමතික තීරණය කරමින් සී.ඩී.වික්‍රමරත්න ඉවත් කිරීමේ තීරණය යළි ආපස්සට ගනිමින්, චීනයේ සිට ම තවත් සති තුනක කාලයකට සේවා දිගුවක් පොලිස්පතිවරයා වෙත හිමිගන්වා ඇති බවයි වාර්තා වන්නේ.