― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඩෙනිමක් හැඳ පාසල් ආ සිසුවියට විදුහල්පති හිමිනම කණට ගහලා

ඩෙනිමක් හැඳ පාසල් ආ සිසුවියට විදුහල්පති හිමිනම කණට ගහලා

කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක පාසල් සිසුවියකගේ කණට විදුහල්පති හිමිනමක් විසින් එල්ල කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පුවත්පත් වාර්තාකරණයක දැක්වෙන්නේ අදාළ ශිෂ්‍යයාවට මෙම පහරදීම සිදු කිරීමට හේතු වී ඇත්තේ ඇය පාසලට ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වුණු උත්සවයකට ඩෙනිම් කලිසමක් සහ කමිසයක් ඇඳගෙන පැමිණීමයි.

ඇය විදුහල්පති නිල කාමරය අසළින් ගමන් කරමින් සිටියදී, විදුහල්පති හිමිනම ඇයට කතා කර අසා ඇත්තේ “ලෝක ළමා දිනයදා සෑම ගැහැනු සිසුවියක් ම ගවුම්වලින් සැරසිය යුතු බැව් දැන්වූ විටත්, ඩෙනිම් කලිසමක් ඇද ආවේ ඇයි?” දැයි යන්නයි.

එම අවස්ථාවේදී පහරකෑමට ලක් වූ ශිෂ්‍යාව තමාට “නිසි ආකාරයේ සුදුසු ගවුමක් නොතිබූ බැවින්, තිබූ එකම ඇඳුම ඩෙනිම හේතුවෙන් එය ඇඳගෙන ඒමට සිදු වූ බව” පවසා තිබෙනවා.

එහිදී විදුහල්පති හිමිනම ශිෂ්‍යාව සමග උරණ වී ඇය පිරිමියෙක් සේ යැයි පවසමින් බැණ වැදී, ඇයගේ කණට පහරක් එල්ල කර තිබෙනවා.

එම පහරදීමෙන් පසුව පාසල නිමා වී නිවසට පැමිණි මෙම ශිෂ්‍යාව තමන්ට යළිත් පාසල් යාමට නොහැකි බව පැවසූ හෙයින්, දෙමව්පියන් සිදු කළ සොයා බැලීමකදී තම දරුවාට පාසලේ විදුහල්පති හිමිනම විසින් පහරදෙනු ලැබ ඇති බවටයි ආරංචි වී ඇත්තේ.

ඉන් අනතුරුව ශිෂ්‍යාවගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කලාප අධ්‍යාපන කාර්‍යාලයට පැමිණිලි කර තිබෙනවා.