26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එම සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම හා රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.