28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක් තුළ අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක්

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක්

නහයෙන් සහ කටින් ලේ ගලමින් සැක කටයුතු අන්දමින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් ඊයේ රාත්‍රියේදී කළුතර දකුණ පොලිස් ස්ථානය විසින් සොයාගනු ලැබුවා.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි මෙම විමර්ශනය සිදු කෙරුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර ශ්‍රී සන්දර්ශනාරාම පාරේ පදිංචි ව සිටි රනුක ශ්‍රීනාත් නමැති 43 හැවිරිදි පුද්ගලයකුයි.

කිසියම් අයෙකු නිවසක් තුළ මියගොස් ඇති බවට එදින රාත්‍රියේ ලද දුරකථන ඇමතුමක් මත නිවසේ ඇඳක් අසල වැටී සිටි පුද්ගල මළසිරුරක් සොයා ගැනුණා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකළ බවයි පොලිසිය පැවසුවේ.