― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනීතිවිරෝධීව දැව ප්‍රවාහනය කළ ලොරියක් පොලිස් භාරයට

නීතිවිරෝධීව දැව ප්‍රවාහනය කළ ලොරියක් පොලිස් භාරයට

වාද්දූව – මහ වාද්දූව ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන විශාල ප්‍රමාණයේ දැව ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නීතිවිරෝධීව කපන ලද තේක්ක දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගැනීමට සමත් ව තිබෙනවා.

වාද්දූව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි ඊයේ පස්වරුවේ මෙම වැටලීම මොරොන්තුඩුවේදී සිදු කෙරුණේ.

එහිදී බලපත්‍ර රහිතව තේක්ක කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එහි රියදුරු සමග අත්අඩංගුවට ගැනුණා.

ලොරි රථයේ අඩි හතරේ සිට 12 දක්වා දිග කඳන් 20කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා. මෙම දැව තොගයේ වටිනාකම ලක්ෂ තුනකට ආසන්නයි.

සැකකරු 47 හැවිරිදි වියෙහි පසුවන මහ වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.