29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිය - පුතු දෙපළගෙන් ගුටි කෑ සැරයන් රෝහලේ

පිය – පුතු දෙපළගෙන් ගුටි කෑ සැරයන් රෝහලේ

පොලිස් සැරයන්වරයෙකුට පිය – පුතු දෙපළක් එක්ව පහරදීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක්.

අදාළ පොලිස් සැරයන්වරයා සිය රාජකාරි නිමා කර නිවසට යමින් සිටියදියි මෙම පහරකෑමට ලක්ව ඇති බවයි කළුතර දකුණ පොලිසිය පැවසුවේ.

පහරකෑමෙන් තුවාල ලැබූ සැරයන්වරයා රෝහල්ගත කර තිබෙනවා. කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙකුටයි මෙලෙස සැකකරුවන් විසින් පහර දී ඇත්තේ.

කළුතර – ගල්පොත්ත හන්දිය ආසන්නයේදී මෙම පහරදීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා.