26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුත්තලමේ ATM කොල්ලකරුවන් අල්ලයි

පුත්තලමේ ATM කොල්ලකරුවන් අල්ලයි

පුත්තලම – මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කඩා, එයින් මුදල් කොල්ල කෑ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් එක්ව එම ප්‍රදේශයේ බැංකුවක ATM යන්ත්‍රය කඩා ඉන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් සිටියදියි පොලිස් අත්අඩංගුවට ගැනුණේ.

අදාළ මූල්‍ය කොල්ලකෑම පසුගිය 07 වැනි දා සිදු වූ අතර, ඊට අදාළ සැකකරුවන් ඊයේ දිනයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
පුත්තලම කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් ද මීට සමගාමී ව විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර සැකකරුවන් අනුරාධපුර, ගල්ගමුව, කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළි වී ඇත්තේ.

මෙම සැකකරුවන් තිදෙනාම පෞද්ගලික බැංකුවල මුදල් තැන්පත් කරන ආරක්ෂක නිලධාරින් බවට ද හෙළි ව තිබෙනවා. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුදල් කොල්ලකෑමට යොදාගත් උපකරණ සහ මුදල ද පොලිස් භාරයට ගැනුණා.

මොවුන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.