25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහේල ජයවර්ධන හදිසියේම දිවයිනට

මහේල ජයවර්ධන හදිසියේම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචිමාර්ග වාර්තා කර ඇත්තේ මහේලගේ පැමිණීම සිදු ව ඇත්තේ ඉන්දියාවේ සිට බවයි.

මේ දිනවල ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි මහේල ව මෙරටට කැඳවා ඇත්තේ.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා එක්වීමටයි මහේල මෙලෙස දිවයිනට ඊයේ රාත්‍රියේදී පැමිණ ඇති බවට වාර්තා වන්නේ.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් සහභාගී තරග තුනෙන් එකක් හෝ ජය ගැනීමට නොහැකි වුණා. ඒ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයන්හි පවා දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකලාප දැඩි විවේචනවලට හසුවෙමින් පවතිනු දැකිය හැකියි.

ඊයේ රාත්‍රිය වන විට මෙම තත්ත්වය නෙදර්ලන්තය විසින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරනු ලැබීමත් සමග යළිත් ඇවිස්සුණා. ඊට හේතුව ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම එනම් 10 වැනි ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත ජයග්‍රහණයත් සමග ඇදවැටීමයි.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හැර අන් සියලුම කණ්ඩායම එක තරගයක් හෝ මේ වනවිට ජයග්‍රහණය කර ඇති බැවින්. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය දකුණු අප්‍රිකාවටත්, දෙවැන්න පකිස්ථානයටත්, තෙවැන්න ඔස්ට්‍රේලියාවටත් එරෙහි ව පරාජයට පත් වුණා.