27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේක යුද්ධෙන් රට බේරාගත් මහින්දව නැතිකරන්න හදපු රටක්

මේක යුද්ධෙන් රට බේරාගත් මහින්දව නැතිකරන්න හදපු රටක්

මේක මිනිස්සුන්ට තමන්ගේ ජීවිත බේරාදුන්න මහින්දව නැතිකරන්න හදපු රටක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

අද වෙද්දි මුළු ලෝකයේම මනුෂ්‍යත්වය මැරෙමින් තියෙන්නේ. මේ රටේ යුද්ධෙ ඉවර කරපු මහින්ද රාජපක්ෂව මරන්න හොයපු රටක් මේක. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පිළිරුව ගාව දණින් වැටෙනවා. පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ පිළිරුව ගාව දණින් වැටෙනවා. හැබැයි මේ රට යුද්ධෙන් නිදහස් කරගත්ත මහින්ද රාජපක්ෂව මරන්න හොයනවා. ඒක නිස ආර්ථික අර්බුදයට ඉහවහා ගිය මනුස්සකමේ අර්බුදයක් අද තියෙනවා.