27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයළි විදුලි බිල වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

යළි විදුලි බිල වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

විදුලි ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවිය යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ විදුලිබල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම හා වියදම අතර පරතරය කළමනාකරණය කර ගැනීම සදහා මෙම ගාස්තු ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවයි.

විදුලි ගාස්තු සියයට 22 කින් යළි ඉහළ නැංවීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල නොගැළපීම් පවතින බැවින් විදුලි පිරිවැය යළි ගණනය කරන ලෙසයි පසුගියදා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත්තේ.