28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුනියන් පෙදෙසේ ගසක අත්තක් කඩාවැටෙයි

යුනියන් පෙදෙසේ ගසක අත්තක් කඩාවැටෙයි

කොළඹ – යුනියන් පෙදෙස ස්ටේපල් වීදිය හන්දියට විශාල නුගස ගසක අත්තක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පවතින අයහපත් වර්ෂාපතනය හේතුවෙන් මෙම නුග ගසෙහි අත්ත කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

ගසෙහි අත්ත මාර්ගය හරහා වැටීම හේතුවෙන් 138 මාර්ගයේ බස් ධාවනයට මෙන් ම ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා. අත්ත කඩා වැටීමෙන් පුද්ගල හෝ දේපළ හානි කිසිවක් සිදු ව නැහැ.

ගසෙහි අත්ත ඉවත් කිරීමට රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ අසල පිරිසක් එක් ව සිටියා. මෙම නුග ගසෙහි අත්ත කඩා වැටී ඇත්තේ මීට පෙර කොල්ලුපිටියේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ජීවිත 05ක් බිලි ගෙන මාසයක් ගත වීමටත් පෙරයි.