23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsIMF දෙවන වාරික ඉදිරි දෙසතිය තුළ ලැබේවි - සියඹලාපිටිය

IMF දෙවන වාරික ඉදිරි දෙසතිය තුළ ලැබේවි – සියඹලාපිටිය

නිශ්චිත දිනයක් ලබාදිය නොහැකි වුවද ඉදිරි සතිය හෝ දෙක තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය නිකුත් කිරීම සිදුවේ යැයි බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, විස්තීරණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළේ දෙවැනි කොටස ලබා ගැනීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට අත්සන් තැබීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැති සාකච්ඡා සාර්ථක වූ බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ පැවති තත්ත්වය සලකා බැලීමේදී ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බවත් ශ්‍රී ලංකාවට එක් රැයකින් ගැඹුරු ආර්ථික අර්බුදයෙන් මිදිය නොහැකි බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ එබැවින් ස්ථාවරත්වය සහ සාමාන්‍ය තත්ත්වය ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සමඟ දීර්ඝ සාකච්ඡා අවශ්‍ය බවයි.