31 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතේ කැක්කුමට බාම් ගෑ සිසුවිය ජීවිතක්ෂයට

අතේ කැක්කුමට බාම් ගෑ සිසුවිය ජීවිතක්ෂයට

හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වන හෝමාගම – මුල්ලේගම ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ.

ඇගේ අතෙහි ඇති වූ වේදනාවක් නිසා ඇය තම මවට අත රිදෙන බව පවසා ඇති අතර මව විසින් ඇගේ අතේ බෙහෙත් වර්ගයක් ආලේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රතිකාරයෙන් ඇය තරමක සුවයෙන් පසු වූ බවත් පසුව ඇය වමනය දමා බිම ඇද වැටුණු බවත් ඇයගේ මව පවසයි.

මෙම සිදුවීම සිදු වූ අවස්ථාවේදීම සිසුවිය ඔරුවල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.