― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවෙයි

අයවැයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවෙයි

ඉදිරි අයවැය මඟින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන බවයි. රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබාදීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරිය අයවැය මඟින් අවධානය යොමු විය යුතු පාර්ශ්වය අතර රජයේ ආධාර<බ්‍ර>ලැබිය යුතු පිරිස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ රාජ්‍ය සේවයකයන් ප්‍රමුඛස්ථානයේ සිටින බවයි.

මීට පෙර සමාජ සුබසාධනය වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන 65ක පමණ මුදල් අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ රුපියල් බිලියන 200 දක්වා ඉහළ නංවා ඇති බවද ඔහු පැවසුවා.

රාජ්‍ය සේවයකයන් ඇතුළු මාසිකව ස්ථිර ආදායමක් ලබාගන්නා කණ්ඩායම් මුහුණ දෙන අර්බුදය සඳහා කෙටි කාලීන විසඳුමකට වඩා දිගු කාලීන විසඳුමක් කෙරෙහි රජය විශ්වාස කරන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ඉදිරිය අයවැය මඟින් ඊට පදනම සකස් වනු ඇති බවයි ද ඔහු පැවසුවා. 2022 වසරේ දී මාසික රාජ්‍ය සේවක වැටුප් බිල ගෙවා දැමීම පිළිබඳ ගැටලු ඇති වූ ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට රටේ ආර්ථිකය ඊට සාපේක්ෂව ස්ථාවරත්වයකට අවතීර්ණ වී ඇති බව ද සඳහන් කළා.