29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුමෙන් තවත් පවුල් ලක්ෂ 08කට මුදල්

අස්වැසුමෙන් තවත් පවුල් ලක්ෂ 08කට මුදල්

අස්වැසුම වැඩසටහන මගින් ජූලි මාසය සඳහා ගෙවීම් සිදු නොකළ ඉතිරි පවුල් වෙනුවෙන් අදාළ ගෙවීම් කටයුතු ඉදිරි මාස දෙක තුළදී අවසන් කිරීමට හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස් (මෙහෙයුම්) රත්නසිරි රාජපක්ෂ පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මේ වනවිට ජූලි මාසයට අදාළව සම්පූර්ණ ගෙවීම් සිදුකර ඇත්තේ පවුල් ලක්ෂ 12කට පමණක් බවත් පවුල් ලක්ෂ 05ක බැංකු ගිණුම්වල ඇති විවිධ ගැටලු හේතුවෙන් ජූලි මාසයට අදාළ දීමනා ගෙවීම් ප්‍රමාද වී ඇති බවත්ය.

මෙම වසරේ දෙසැම්බර් මස වනවිට අස්වැසුම සම්බන්ධව පවතින සියලු ගැටලු නිරාකරණය කර 2024 ජනවාරි වනවිට කිසිදු ප්‍රමාදයකින් තොරව දීමනා ලබා දීමට පියවර ගන්නා බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස්වරයා සඳහන් කළේ.