27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආයුධ බිම තබන්නැයි පාප්වහන්සේ ඉල්ලයි

ආයුධ බිම තබන්නැයි පාප්වහන්සේ ඉල්ලයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගාසා තීරයේ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා.

සිදුවන මානුෂීය ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන ලෙසයි පාප්වහන්සේ ඉල්ලා ඇඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සිය සතිපතා සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය අමතමින් පාප් වහන්සේ සියලු පාර්ශ්වයන්ගෙන් සිය ආයුධ බිම තබන ලෙස ඉල්ලා සිටි බවයි.

යුද්ධය කිසිවක් විසඳන්නේ නැති බව පැවසූ පාප්වහන්සේ එහිදී අවධාරණෞය කර ඇත්තේ මරණය විනාශය කර ගෙන යන බවත් වෛරය, පළිගැනීම වැඩි කරන බවත්ය.

එමෙන්ම යුද්ධය ලෝක පැවැත්මේ අනාගතය පිළිබඳව දැඩි ලෙස බලපෑම් සිදු කරන අතර සාමය උදෙසා කටයුතු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.