27.2 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිල වැඩිවෙන්නේ නෑ - සියඹලාපිටිය

ඉන්ධන මිල වැඩිවෙන්නේ නෑ – සියඹලාපිටිය

ඉන්ධන මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය බාරගෙන ඇති බවයි.

ඛනිජ තෙල් සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය විසින් බාරගනු ලැබුවා. ඒ වගකීම ආවරණය කිරීම සඳහා ජනවාරි 1 වැනි දා සිට රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පැනෙව්වා. නමුත් අදාළ ඉලක්කයට යන්න බැරිවුණ නිසා ජුනි මාසයේදී තවත් 25 ක බද්දක් පැනෙව්වා. ඒක වගකීම් ටික දරා ගැනීම වෙනුවෙන් අය කරපු මුදලක්. මේක ජුනි මාසයේ සිට ක්‍රියාත්මකයි. ඛනිජ තෙල් මිල වැඩි නොවන බව කියන්න කැමතියි. නැත්නම් එක එක කතා කියන්න පුළුවන් නෙ.