අනිද්දා (21) දිනයේදී කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදු කරනුයේ.
ඒ අනුව 21 වැනි සෙනසුරාදා දිනයේදී කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශවලටපස්වරු 5.00 සිට පසු දින එනම් 2023 පසුදා (22) පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.