― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සහ කටුවන, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් ඇති බවයි.

එසේම මාතර දිස්ත්‍රික්කයේ, කොටපොළ, මුලටියන, අතුරලිය, කඹුරුපිටිය, හක්මන, මාලිම්බඩ, කිරින්ද පුහුල්වැල්ල, පස්ගොඩ, පිටබැද්දර, අකුරැස්ස, තිහගොඩ සහ වැලිපිටිය යන ප්‍රදේශවලටද අදියර දෙක යටතේ අනතරු ඇඟවීම් නිකුත් කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, වැලිගේපොළ, කලවාන, ඇහැළියගොඩ, රත්නපුර, ඇලපාත සහ කුරුවිට යන ප්‍රදේශවලට ද අදියර දෙක යටතේ නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ, නාගොඩ, ඉමදුව, නෙළුව, ඇල්පිටිය, යක්කලමුල්ල, තවලම, බෝපේ පොද්දල, අක්මීමන, අම්බලන්ගොඩ, නියාගම සහ බද්දේගම ප්‍රදේශවලට අදියර එක යටතේ අවදානම් නිවේදන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බෙලිඅත්ත සහ ඕකෙවෙල ප්‍රදේශ ද අයත් වන්නේ අදියර එක යටතටයි. කළුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය සහ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, හාරිස්පත්තුව, තුම්පනේ, පාතදුම්බර, උඩුදුම්බර සහ පස්බාගේ කෝරලය ට ද අදියර එක යටතේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල, දැරණියගල, අරණායක, බුලත්කොහුපිටිය සහ යටියන්තොට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද ඊට අයත්.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ අදියර එක යටතේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ නිවිතිගල, අයගම, ඉඹුල්පේ, කහවත්ත, කිරිඇල්ල, කොලොන්න, පැල්මඩුල්ල, ගොඩකවෙල, සහ බලන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.