― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපොලිස් වෙසින් නිවසකට පැන මුදල් කොල්ලකාලා

පොලිස් වෙසින් නිවසකට පැන මුදල් කොල්ලකාලා

පොලිස් නිලධාරීන් බව පවසා නිවෙසකට ඇතුළු වී නිවෙස් හිමියන් කාමරයකට දමා සිර කර රුපියල් ලක්ෂ 133ක් වටිනා මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (18) සවස 5.30ට පමණ මාදම්පේ – තඹගල්ල වත්ත ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුහුණු ආවරණ පැළඳ ගිනි අවි 02ක් සහ කඩුවක් අතැතිව 4 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමන් පොලිසියෙන් යැයි පවසා නිවසට ඇතුළු වී කොල්ලය සිදු කර ඔවුන් පැමිණි වෑන් රථයෙන්ම පලා ගිය බව ගෙහිමි කාන්තාව පැමිණිලි කර තිබෙනවා.

කොල්ලකරුවන් විසින් නිවසේ කාමරයක අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ 93ක මුදලක් සහ රුපියල් ලක්ෂ 40කට වැඩි වටිනාමකින් යුත් ස්වර්ණාභරණ ද කොල්ලකා ඇතැයි සඳහන්.

කොල්ලකරුවන් මීට පෙර දැක නැති නමුත් නැවත දුටුවහොත් හඳුනා ගත හැකි බව ද නිවෙස් හිමි කාන්තාව පවසා තිබෙනවා. කොල්ලකරුවන් නිවසේ සිටි 04 දෙනෙකු මුලින්ම කාමරයකට දමා සිර කර ගෙහිමි කාන්තාව සහ පිරිමි දරුවෙකු පැළඳ සිටි රන් මාල දෙකක් කඩා ගෙන ඇති බවටයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන් නිවසේ කාමරවල ඇති අල්මාරි බලහත්කාරයෙන් විවෘත කර ඒවායේ තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකා තිබෙනවා. ජංගම දුරකතනයක්, නිවසේ සහ සියළුම කාමරවල යතුරු, වාහන 02ක සහ යතුරු පැදි 02ක යතුරු ද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ ඇඟිළි සළකුණු නිලධාරීන්ද අද පෙරවරුවේ කොල්ලය සිදුවූ නිවසට පැමිණ විමර්ශණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මාදම්පේ පොලිසියට අමතරව හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය ද මෙම කොල්ලය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.