― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමෙරට ණය ප්‍රශස්තකරණයට චීනයෙන් සහතිකයක්

මෙරට ණය ප්‍රශස්තකරණයට චීනයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියූ කුං පවසා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා චීන මුදල් අමාත්‍ය ලියූ කුං අතර හමුවක් අද (19) බීජිං නුවරදී පැවති අතර එහිදීයි මුදල් අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ.