― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ජංගම සේවයක්

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ජංගම සේවයක්

ලබන 21 වැනිදා නැගෙනහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව ලබන 21 වැනිදා පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා එම වැඩසටහන මඩකලපුව හින්දු විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එහිදී එම ප්‍රදේශය අවට සිටින ජනතාවට පහත සේවාවන් ලබාගැනීමේ හැකියාව පවතී.

*2014 / 2015 වර්ෂවල රාජ්‍ය නිලධාරීන්ට ලබාදුන් යතුරුපැදිවල කොන්දේසි ඉවත් කර අදාළ නිලධාරීන්ට පවරා දීම.

*වාහනය ලියාපදිංචි සහතිකයේ යම් යම් සංශෝධන සිදුකිරීම.

*නව රියැදුරු බලපත්‍රය සදහා අයැදුම්පත්‍ර බාර ගැනීම.

*රියැදුරු බලපත්‍රයක හෝ වාහනයක තොරතුරු ඇතුළත් උදෘතයක් හෙවත් Extract එකක් ලබාදීම.

*සියලුම වාහන සඳහා පැවරුම් ලියාපදිංචි කිරීම.

*වාහනය පරීක්ෂා කර, බර සහතිකය හෝ අනන්‍යතා සහතිකය ලබාදීම.

*සිලින්ඩර ධාරිතාව 50ට අඩු යතුරු පැදි ලියාපදිංචි කිරීම.

*මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් සේවාවක් සදහා අයැදුම්කර තවම ඊට නිශ්චිත විසදුමක් ලැබී නැති ගැටළු සදහා විසදුම් ලබාදීම.

*දීර්ඝ කාලයක සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නොහැකිව අසාදු ලේඛන ගතවූ වාහන සදහා නැවත ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නිර්දේශිත ලිපි නිකුත් කිරීම.

*සාක්ෂරතාවය අඩු පුද්ගලයින් සදහා රියැදුරු බලපත්‍ර ලබාගැනීමට විශේෂ විභාග පැවැත්වීම.

*ආබාධිත පුද්ගලයන් සදහා රියැදුරු බලපත්‍ර ලබාදීමට අවශ්‍ය වෛද්‍ය තාක්ෂණ කමිටුවේ නිර්දේශයන් ලබාදීම.

*යතුරු පැදි සදහා පමණක් දුර්වර්ණ වූ චැසි හා එංජින් අංක දේශීය වශයෙන් මුද්‍රණය කිරීම.

*මාර්ග ආරක්ෂාව පිළිබදව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.