28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහිත් ශර්මාට පොලීසියෙන් දඩ

රෝහිත් ශර්මාට පොලීසියෙන් දඩ

අධිවේගී මාර්ගයක අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් ධාවනය කිරීම සම්බධයෙන් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට දඩ මුදලක් පැනවීමට එරට පොලිසිය කටයතු කර තිබෙනවා.

පසුගියදා මුම්බායි – පූනේ අධිවේගී මාර්ගයේ ඔහු මෙලෙස අපරික්ෂාකාරී ලෙස ඔහුගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය පදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශර්මා සිය මෝටර් රථය මාර්ගයේ නියමිත වේග සීමාවන් ඉක්මවා යමින් කිලෝමීටර් 215ක වේගයකින් පදවා ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

ඔහු මෙම සිදුවීමට මුහුණ පෑ දිනය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් පිළිබඳව වාර්තා නොවන අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සතියේ සඳුදා හෝ අඟහරුවාදා දිනයකදී ඊට මුහුණ පා ඇති බවයි.

ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය සඳහා ඉන්දීය කණ්ඩායම පසුගිය ඉරිදා දිනයේ පූනේ වෙත පැමිණියා.

කෙසේ වෙතත් ඊට පසු දින ඉන්දීය කණ්ඩායම විවේකි දිනයක් වූ බැවින් ශර්මා සිය පවුලේ අය සමඟ මුම්බායි වෙත ගොස් නැවත ඉන්දීය කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට පූනේ වෙත පැමිණෙමින් සිටිය දී මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.