26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගුවන්තොටේදී අල්ලයි

විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගුවන්තොටේදී අල්ලයි

රුපියල් දාහතර ලක්ෂ හතළිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මොහු නිරන්තරයෙන් ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නෙක් වන අතර 33 හැවිරිදි මොහු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මොහු අද අලුයම 06.05 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක් තුළ මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 14,400ක් අඩංගු දුම්වැටි කාටුන් 72 ක් සඟවාගෙන පැමිණ ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසන්නේ.

මෙම ව්‍යාපාරිකයා පොලිස් ඇප මත මුදාහැරීමට නියමිතය. ලබන 25 වැනිදා මෙම නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයද සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.