දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවීදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි.
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති වීමේ ඉඩකඩක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.