25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ සිටින කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයින් 41ක් යළි කැඳවයි

ඉන්දියාවේ සිටින කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයින් 41ක් යළි කැඳවයි

ඉන්දියාවේ සිටි සිය රාජතාන්ත්‍රිකයින් 41 දෙනෙකු කැනඩාව මේ වනවිට ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැනේඩියානු භූමියේදී සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ විරසකයක් හේතුවෙනුයි කැනඩාව මෙලෙස සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කරගෙන ඇත්තේ.

ඉන්දියාව සති දෙකකට පෙර කැනඩාවේ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය දුසිම් ගණනක් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙසයි කැනඩාව පවසන්නේ.

කැනඩාවේ විදේශ ඇමතිනි මෙලනි ජොලි බොහෝ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඉන්දියාවේ සිටින ඔවුන්ගේ යැපෙන්නන් දැන් රට හැර ගොස් ඇති බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.