30 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මත්පැන් පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම චීන ජාතිකයින් දෙදෙනා රාජගිරිය, ඔබේසේකරපුර වජිරවංශ මාවතේ කුලී නිවසක සිට නීතිවිරෝධී මත්පැන් පෙරීමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් වශයෙන් සේවය කරන අය බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 46 හා 41 යන වයස්වල පසුවන චීන ජාතිකයින් දෙදෙනෙක් වන අතර මොවුන් නිවසේ මත්පැන් පෙරීමේ ස්කාගාරයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුවයි පොලිස් කණ්ඩායමක් ඊයේ (19) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබී ගෝඩා ලීටර් 250 ක්, නීතිවිරෝධී මත්පැන් ලීටර් 100ක් අත්අඩංගුවට ගෙන තිබේ.