― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsපුටින් ඊශ්‍රායල - පලස්තීන යුද්ධයේ කොටස්කරුවෙක්

පුටින් ඊශ්‍රායල – පලස්තීන යුද්ධයේ කොටස්කරුවෙක්

රුසියානු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය මෙන්ම මැදපෙරදිග යුද අර්බුදයත්, හමාස් ක්‍රියාකාරීන් සම්බන්ධයෙනුත් තමන් දැඩි ලෙස කනගාටුවටත්, එය හෙළා දකින බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ තමන් සෑම විටම සිය රට සමග සෙසු ලෝකයේ රටවල් එකට තබාගෙන සිටීමට උත්සාහයක් යෙදෙන බවයි.

ඕවල් කාර්‍යාලයේ දේශනයකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අමෙරිකාව මේ මොහොතේ යුක්‍රේනයට සේ ම ඊශ්‍රායලයට සහාය විය යුත්තේ කෙසේ දැයි යන කාරණය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

එමෙන්ම අමෙරිකානුවන් කවදත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නැගී සිටින සතුරන්ට විරුද්ධව කටයුතු කරන බව ද බයිඩ්න් කියා තිබෙනවා. ඔහු මේ වනවිට යුක්‍රේනයට සහ ඊශ්‍රායලයට සහාය දැක්වීම පිණිස අමෙරිකානු ව්‍යවස්ථාදයකය වන කොංග්‍රස් මණ්ඩලයෙන් වැඩි මුදලක් ද ඒ සඳහා වෙන් කිරීමට ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

බයිඩ්න් පැවසුවේ ඊශ්‍රායල – පලස්තීන යුද්ධයේ පුටින් කොටස්කරුවෙකු බවට තමන් විශ්වාස කරන බවයි. 2022 වසරේදී යුක්‍රේනයේ ඩොන්බාර්ස්ක් කලාපයට රුසියාව පළමු පහරදීම සිදු කර වසරක් ගත වීමටත් පෙර මැදපෙරදිග රාජ්‍යයන් අවුළුවාලීමට ක්‍රියා කළ බවයි බයිඩ්න් චෝදනා කරන්නේ.

එබැවින් පුටින්ගේ ක්‍රියාකලාප සහ මැදපෙරදිග යුද්ධය අතර යම්කිසි සම්බන්ධයක් පවතින බවයි හෙතෙම පෙන්වාදෙන්නේ. එවැනි ආක්‍රමණ නැවැත්වීම එක්සත් ජනපදයේ ආරක්ෂාවට පමණක් නොව ලෝකයේ ම රාජ්‍යයන්හි ආරක්ෂාවට බලපෑමක් ඇති කරන බවට ද බයිඩ්න් පෙන්වා දී තිබෙනවා.

ගාසා තීරය සම්පූර්ණයෙන් ම මේ වනවිට ඊශ්‍රායලය විසින් අවහිර කරනු ලැබ ඇති අතර මිලියන 2.3ක ජනතාවක් වෙසෙන පලස්තීන ප්‍රදේශවලට බෝම්බ හෙලීමේ ක්‍රියා මධ්‍යයේ පවා අමෙරිකානු ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ සංචාරයක නිරත වීම ලෝකයේ ම අවධානයට ලක් වුණා.

එම සංචාරයෙන් පසුව සිය වැසියන් අමතමිනුයි බයිඩ්න් ජනාධිපතිවරයා විසින් අමෙරිකානු සහයෝගය මේ වෙලාවේ ඊශ්‍රායලයට අත්‍යවශ්‍ය බවට තරයේ ප්‍රකාශ කර සිටියේ.