28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස්පතිගේ සේවා දිගුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්

පොලිස්පතිගේ සේවා දිගුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හට ජනාධිපතිවරයා විසින් සති 03ක සේවා දිගුවක් ලබාදුන්නේ තමා සමඟද සාකච්ඡා කිරීමෙන් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

පොලිස්පතිවරයාට සති තුනක සේවා දිගුවක් ලබා දී ඇත්තේ විෂයභාර අමාත්‍ය ටිරාන් අලස්ට දැනුම්දීමකින් තොරව බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මම පසුගිය සතියේ විදේශගතවෙලා හිටියේ. එම සංචාරය පිටත්ව යාමට පෙර ජනාධිපතිතුමා ඔය කාරණය සම්බන්ධයෙන් මා සමඟ දීර්ඝව සාකච්ඡා කළා. දින කිහිපයකින් ජනාධිපතිතුමා ද චීනයේ සංචාරයකට සහභාගිවීමට නියමිතව තිබුණා. ඒ නිසා අප දෙදෙනාම යළි පැමිණෙන තෙක් තවත් සති තුනක් පොලිස්පති ධුරයේ වැඩබැලීමට සී.ඩී.වික්‍රමරත්නට පැවරීමට තීන්දු කළා. ඒ නිසා ජනාධිපතිතුමා විෂයභාර අමාත්‍යවරයාගේ දැනුවත් භාවයකින් තොරව එම සේවා දිගුව ලබාදී ඇතැයි මාධ්‍ය වාර්තා පල වී ඇත්තනම් එය මුළුමනින්ම පදනම් විරහිතයි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත මේ මස අවසන් වනතෙක් සේවා දිගුවක් ලබාදීම ගැටළුකාරී තත්ත්වයක් නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.