― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපොලිස්පති පත් කරන්නේ හරියට රීලෝඩ් දානවා වගේ

පොලිස්පති පත් කරන්නේ හරියට රීලෝඩ් දානවා වගේ

මෙරට පොලිස්පතිවරයා පත් වන්නේ ‘රීලෝඩ්’ ක්‍රමයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනුයි.

පසුගියදා මෙරට පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන සී.ඩී. වික්‍රමරත්නගේ ධුර කාලයේ සේවා දිගුව අවසන් වීම සිදුවුණා. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය බලතල අනුව තීරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය අඟහරුවාදා සිට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ සේවා දිගුව අවසන් ව ඇති බවට දැනුම්දෙමින් නව පොලිස්පතිවරයෙකුගේ අවශ්‍යතාව පෙන්වා දෙමින් වික්‍රමරත්න මහතා ව ධුරයෙන් ඉවත් කිරීමයි.

නමුත් ඒ දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ මෙරට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෝ දිවයිනේ සිටියේ නැහැ. ඒ චීනයේ බීජිං හි පැවැති රාජ්‍ය නායක සමුළුවට එක්වීම සඳහා පිටත්ව ගිය බැවින්.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සේවා දිගුව අවසන් වූ බවට කියමින් සී.ඩී. වික්‍රමරත්න ව ධුරයෙන් ඉවත් කිරීමේ පුවත දැනගත් පසුව, ජනාධිපතිවරයා විසින් පැයක් ගතවීමට පෙර යළිත් සති 03ක කාලයක සේවා දිගුවක් ලබාදෙමින් වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නව පොලිස්පති ධුරයෙහි පිහිටුවනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු විවාදයේ දී පක්ෂ විපක්ෂයේ මැති ඇමතිවරුන් අතර විවාද සිදු වූ අතර එම අවස්ථාවේදියි අනුර කුමාර දිසානායක විසින් මෙම ප්‍රශ්නය මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබුවේ.