29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබදියුදීන්ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස් කරගනී

බදියුදීන්ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස් කරගනී

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසිනුයි අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. විල්පත්තු ප්‍රදේශයේ කැළෑ එළි පෙහෙළි කළ ප්‍රදේශය යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

අදාළ පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තක් පවතින හෙයින් නැවත නඩු පැවරීමේ අයිතිය රදවා ගනිමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසටයි.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ද තීන්දු කළා.