29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස්රථ අලංකරණයට අවසර දිය යුතුයි - නාමල්

බස්රථ අලංකරණයට අවසර දිය යුතුයි – නාමල්

ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ බස්රථ හිමියන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ බස්රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත් ජනතාවට හානි නොවන ආකාරයට බස්රථ අලංකරණය කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බවත්ය.

මාර්ග බලපත්‍රවලට පිටින් හා බස්රථ බලපත්‍රවලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු සිදු කිරීම වරදක් නොවන බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.