29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබස් රථය තුළදී දෙදරු පියෙක් ජීවිතක්ෂයට

බස් රථය තුළදී දෙදරු පියෙක් ජීවිතක්ෂයට

මහනුවර ශික්ෂණ රෝහලේ පැවැත්වෙන සායනයකට ගොස් යළි නිවස කරා බස් රථයෙන් ගමන් කරමින් සිටි දෙදරු පියෙකු බස් රථය තුලදීම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දික්ඔය බටල්ගල ඉහළ කොටසේ පදිංචි පුද්ගලයෙක්. ජීවිතක්ෂයට පත් පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙක් වන අතර ඔහු බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් මාසයකට වරක් මහනුවර ශික්ෂණ රෝහලේ සායන කටයුතුවලට යන බව සඳහන්.

ඊයේ (19) නිවසින් පිට වූ ඔහු අද උදෑසන සායන කටයුතුවලට සහභාගි වී හැටන් සිට පොඩයිස් දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් නිවෙස බලා ගමන් කරමින් සිටියදී මෙලෙස බස් රථය තුල ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා බස් රථයෙන් බැස නොයෑම සම්බන්ධයෙන් සැක සිතූ සෙසු මගීන් ඒ පිළිබඳ රියදුරා සහ කොන්දොස්තරවරයා දැනුවත් කිරීමෙන් පසු කළ පරීක්ෂාවේදීයි ඔහු මියගොස් ඇති බවට තහවුරු වී ඇත්තේ.

හැටන් පොලිසියේ උපදෙස් පරිදි මියගිය දෙදරු පියාගේ සිරුර එම බස් රථයෙන්ම දික්ඔය මූලික රෝහල වෙත රැගෙන ගොස් භාර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබයි.