31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්නා රමේෂ්ට රතු වරෙන්තු

මන්නා රමේෂ්ට රතු වරෙන්තු

මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

පාතාල නායක මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කරමින් මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරත වෙමින් සිටින බවයි පොලීසිය පවසන්නේ.

ඔහු මේ වනවිට සිදුකර ඇති අපරාධ ගණනාවකට අදාළ සියලු තොරතුරු සහ සාක්‍ෂි පොලීසිය විසින් ලබාගෙන ඇති අතර ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත යැවීමට කටයුතු කරමින් තිබේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය පවසන්නේ.