25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුනිසෙෆ් සංවිධානය හා අනුර කුමාර අතර හමුවක්

යුනිසෙෆ් සංවිධානය හා අනුර කුමාර අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) පෙරවරුවේ සිදුවී තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී යි.

මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද එක්ව සිටියා.

ජාතික ජනබලවේගය වෙනුවෙන් සහභාගී වූයේ එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර සහ පක්ෂ නායක අනුර කුමාර දිසානායකයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එමෙන්ම UNICEF සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනුවෙන් ජාතික ජන බලවේගය වෙනුවෙන් UNICEF සංවිධානයට සතූතිය පළ කළ බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ.