විදුලි බිල ඉහළ දැමුව හොත් ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව රයිස්, කොත්තු මිල මෙන්ම අනෙකුත් කෙටි ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.
විදුලි බිල ඉහළ දැමුවහොත් එයට සාපේක්ෂව ඉහළ දමන ආකාරය පිළිබඳව පසුව දැනුම්දෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.