26.1 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනෙක් පත් කිරීමට අනුමැතිය

රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනෙක් පත් කිරීමට අනුමැතිය

මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

නව මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ.

ඒ අනුව පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්නත්, කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දමිත් නිශාන්ත සිරිසෝම උළුගෙතැන්නත් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුදර්ශන කරගොඩ පතිරණ පත් කිරීමට ද පාර්ලිමේන්තුවේ අවසරය හිමි වූ බවයි වාර්තා වන්නේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් වුණු අතර, එහිදියි මෙම අනුමැතිය හිමිව ඇත්තේ.

මේ සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරළ, උදය ගම්මන්පිල සහ (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන පිරිස් එක්ව සිටියා.