29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසීක්කුගේ ප්‍රසන්න ජාත්‍යන්තර පිටියට සමුදෙයි

සීක්කුගේ ප්‍රසන්න ජාත්‍යන්තර පිටියට සමුදෙයි

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකාවෙන් බිහි වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන සීක්කුගේ ප්‍රසන්න දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසි සීක්කුගේ ප්‍රසන්න 2011 වසරේ සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගන්නවා.

ඒ ඕස්ට්‍රේලියාව සමඟ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයකදීයි. එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමකර ගන්නා ප්‍රසන්න අවසන් වරට ජාත්‍යන්තර තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2019 වසරේ ජනවාරි මාසයේ නවසීලන්තයට එරෙහිව පැවති එක්දින තරගයේ දීයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීම සමත්වන ප්‍රසන්න ලොව පුරා ඇති ක්‍රිකට් ලීගවල ද එකලෙස දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.

සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග එකක්, එක්දින තරග 40ක් සහ පන්දුවාර 20-20 තරග 20ක් වෙනුවෙන් ක්‍රීඩාකර තිබෙනවා. මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන් සීක්කුගේ ප්‍රසන්න, ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ලකුණු 05ක්, ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 421ක් සහ කඩුලු 32ක්, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 214ක් සහ කඩුලු 10ක් ලෙස ඔහුගේ වාර්තාවල දැක්වෙනවා.