28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරණදී තරුණියක් පැහැරගත් තිදෙනා රිමාන්ඩ්

හොරණදී තරුණියක් පැහැරගත් තිදෙනා රිමාන්ඩ්

හොරණදී බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිට 17 වැනිදා හොරණ ප්‍රදේශයේ ආපනශාලාවක් වෙත කඩාවැදුණු පිරිසක් එහි ආහාර ගනිමින් සිටි තරුණියක් පැහැරගෙන ගොස් තිබූ අතර පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වු ආරවුලක් මුල්කර ගනිමින් මෙම තරුණිය පැහැරගෙන ඇති බවයි.

තරුණියගේ මව මෙම ප්‍රේම සම්බන්ධතාවයට විරුද්ධ වීම හේතුවෙන් තරුණිය නිවසේ රඳවාගෙන සිට ඇති අතර තරුණයා විසින් තරුණිය නිවෙසින් බැහැරට යන තෙක් සිට මෙලෙස ආපනශාලාවට පැමිණි අවස්ථාවේ පැහැරගෙන යාම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණියකි.