ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය 2040 වසර වනවිට සඳ මත නිවාස ඉදි කිරීමට සැලසුම් කරමින් සිටියි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට චන්ද්‍ර පෘෂ්ඨය මත ගගනගාමීන් පැය 75 කට වඩා වැඩි කාලයක් ගත කරන අතර නාසා ආයතනය පවසන්නේ එම කාලය තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරමින් පවතින බවයි.
සඳ මතට 3D මුද්‍රණ යන්ත්‍රයක් යවා ඉන් අනතුරුව සඳෙහි ආවාටවල මතුපිට ඉහළ ස්ථරයේ ඇති පාෂාණ සහ ඛනිජවලින් සාදන ලද කොන්ක්‍රීට් භාවිතයෙන් සඳ මත නිවාස සඳහා වූ ආකෘතීන් සෑදීම නාසාහි සැලසුම වී ඇති බවයි වාර්තා වේ.
මෙම මුද්‍රණ යන්ත්‍රය 2024 වසරේ නොවැම්බරයේ දී සඳ වටා කක්ෂගත කිරීමට අපේක්ෂා කරන Artemis යානය හරහා එය සඳ මතට යවන අතර දැනට එය පරික්ෂා කරමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.
මෙලෙස සකස් කරන 3D නිවාස සඳෙහි අධික උෂ්ණත්ව වෙනස්වීම්වලට සහ විකරණවලට ඔරොත්තු දිය හැකි වන බවත්, එහි හානිකර දූවිලිවලින් ජීවයට එල්ල වන බලපෑම අවම කළ හැකි බවත් නාසා ආයතනය සඳහන් කරයි.