― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රකට ආයතනයක ලොකු පුටු කිහිපයක් යළි අධිකරණයට

ප්‍රකට ආයතනයක ලොකු පුටු කිහිපයක් යළි අධිකරණයට

මෙරට ප්‍රකට ආයතනයක අධ්‍යක්ෂවරුන් පිරිසකට සහ එම සමාගමේ ලේකම්වරියට එරෙහිව පනවා තිබූ නඩුවක් කල් තැබීමට කොළඹ වානිජ මහාධිකරණෙය පසුගිය 09 වැනිදා නියෝග කර ඇති බව වාර්තා වනවා.

මෙම නඩුව එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙනවා.

අදාළ අධ්‍යක්ෂවරු විසින් සජිත් රාජපක්ෂ යන අයව සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර ඇති බවයි වාර්තා වන්නේ.

තවද සමාගම් ලේකම්වරිය සහ සෙසු අධ්‍යක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව සජිත් විසින් කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හා අධ්‍යක්ෂ ධූර දරණ ආයතනවල පැවැත්මට නෛතික බාධාවක් වන අයුරින් හා සජිත්ට බාධාවන ආකාරයට කටයුතු කරමින් හිතා මතා රාජකාරි පැහැර හැර ඇති බවද මේ නඩුව ගොනුකරමින් අධිකරණයට දක්වා තිබෙන බව තොරතුරු වාර්තා වනවා.

සජිත් රාජපක්ෂවට එරෙහිව එල්ලවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඒ අතරතුර කාලයේදී ඔහුව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට ද අදාළ අධ්‍යක්ෂවරු කටයුතු කර ඇති බවයි කරුණු වාර්තා කර තිබෙන්නේ.